නැවත ගෙන්වාගත් වික්‍රමරත්නට මාස තුනක සේවා දිගුවක්

නැවත ගෙන්වාගත් වික්‍රමරත්නට මාස තුනක සේවා දිගුවක්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න විශ්‍රාම යාමෙන් සති දෙකක් ඉක්මගිය පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඔහු නැවත ගෙන්වාගෙන ලබාදුන් මාස 03ක සේවා දිගුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඊයේ (14) අනුමත කර තිබේ.

මෙම අනුමැතිය ලබා දී තිබෙන්නේ ජනාධිපති විසින් ඔහුට සේවා දිගුව ලබාදීමෙන් දින 06කට පසුවය.

මෙයට පෙර සේවා දිගු දෙකක් සී.ඩී වික්‍රමරත්න පොලිස්පතිට ලබා දී තිබිණි. ආවරණ අනුමැතියට යටත්ව ජනාධිපති විසින් යම් යම් පත්කිරීම් සිදු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය, පසුව ලබාගන්නා ප්‍රවනතාවක් වර්ධනය වෙමින් තිබෙන බවද එය නීති විරෝධී යැයිද මත පලවෙමින් තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්