රනිල්ට උත්සව එපාලු

පාර්ලිමේන්තුව විසින් තෝරාපත්කරගන්නා ලද අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වර්ශ පූර්ණ සැමරුමට උත්සව නොපවත්වන ලෙස දැනුම්දුන්නේ යැයි නවතම ප්‍රචාරක ව්‍යාපාරයක් ආණ්ඩුවේ මාධ්‍ය විසින් දියත් කර තිබේ.

ජූලි 16 වනදා වෙනුවෙන් නිකුත් කර තිබෙන සිළුමිණ පුවත්පත මෙයට අදාල එක් ප්‍රචාරයක් දියත් කර ඇත. “පදවිප්‍රාප්තියට උත්සව එපා” යන සිරස්තලයෙන් හඳුන්වා දී තිබිණ. එහි වැඩිදුරටත් සඳහන් වෙන්නේ “රනිල් වික්‍රමසිංහයන් ජනාධිපති ධුරයට පත්ව ලබන 20 වෙනිදාට වසරක් සම්පූර්ණ වේ. ඒ වෙනුවෙන් කිසිදු පදවිප්‍රාප්ත උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් උපදෙස් දී තිබේ.” යනුවෙන් දක්වා ඇත.

මෙවැනි ප්‍රචාර මහින්ද රාපක්ෂ, ගෝටාබය රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන යනාදීන්ද තම ප්‍රතිරූපය වර්ධනය කරගැනීමට ගෙන ගිය බාල උපක්‍රම බව ඒ ඒ යුගවලදි පැහැදිලි වී තිබිණි. රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් අදාල ප්‍රචාරයේ තවදුරටත් දැක්වෙන්නේ “ජනාධිපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් උත්සව සංවිධානය කිරීම ගැන විවිධ පාර්ශවවලින් කෙරුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම උපදෙස් ලබා දී ඇති බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්