මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ඉන්දියානු ආර්ථක දේශපාලනික සමපාත කිරීම් රැසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු හවුල් පාලනය විසින් ක්‍රියාත්මක කරමින් සිටින අතර මෙරට කටයුතු සඳහා ඉන්දීය සම්මත වේලාවද යොදාගැනීම ආරම්භ කර තිබේ.
මේ බව හෙළිවන්නේ ජූලි 04 වෙනි අඟහරුවාදා පුවත්පතවල ප්‍රසිද්ධ කරන ලද මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ දැන්වීමක් මගිනි.
එම දැන්වීමට පදනම් වී ඇත්තේ දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියයි. එයට අදාලව ශ්‍රී ලංකාව නිකුත් කර තිබෙන සංවර්ධන බැඳුම්කර ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා අදාල බැඳුම්කර හිමියන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් වේලාව සටහන් කර තිබෙන්නේ ඉන්දියානු සම්මත වේලාවෙන්ය. 2023 ජූලි 07 පෙරවරු 10, 2023 ජූලි 25 පස්වරු 04 යන වේලාවන් ඉන්දීය සම්මත වේලාවෙන් දක්වා තිබේ.
ඊට අමතරව ජනාධිපතිගේ ඉන්දීය සංචාරය තුළදී ඉන්දියානු රුපියල මෙරට තුළ සංසරණය කිරීමට අදාල නීති කඩිනමින් සම්මත කර ගැනීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ මූලික ප්‍රවේශයක් වී ඇති බවද නිල වශයෙන් හෙළි කර ඇත.










