රාජාණ්ඩුවක් පළවා හැර වැඩවසම් ක්‍රමය පෙරලා දමා ධනේෂ්වර ක්‍රමය ආරම්භය සිදුවූ ප්‍රංශ විප්ලවයේ 234 වෙනි සංවත්සරය මහත් ඉහලින් එරට ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ගේ ප්‍රධානත්වයෙන් අද (14) සමරනු ලබයි.
16 වෙනි ලුවී රජ පෙළපත පළවා හැරීම සහ බැස්ටීලයට පහරදීම 1789 ජූලි 24 වෙනි දින සිදු කිරීම මූලික කර ගනිමින් ප්‍රංශ විප්ලවය සැමරීම සිදු කෙරේ. මෙය ආරම්භ වූයේ 1880දීය. ප්‍රංශ සුප්‍රකට ගත් කතුවරයෙකු වන වික්ටර් හියුගෝ විසින් මෙම සැමරුමට පුරෝගාමීත්වය දුන් අතර “නිදහස උදෙසා අවදිවීමේ දිනය” යනුවෙන් එය නම් කරනු ලැබීය. එම විප්ලවය සිදු කර වසර 91කට පසුව එම සැමරුම් උළෙල ආරම්භ විය.
ප්‍රංශය විසින් මේ දිනය ඉතාමත් උත්කර්ෂවත්ව සැමරීම සාමාන්‍යයෙන් සිදු කරන අතර මෙවර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද ප්‍රධාන අමුත්තෙක් ලෙස සහභාගී වීම විශේෂත්වයකි.
21










