මාසයක් තුළ රුපියලේ වැඩිම කඩාවැටීම අද වාර්තා කරයි

මාසයක් තුළ රුපියලේ වැඩිම කඩාවැටීම අද වාර්තා කරයි

මහ බැංකුවේ විනිමය අනුපාත නිවේදන අනුව පසුගිය ජූනි මස 14 වෙනි දින සිට අද (ජූලි මස 14) වෙනි දින දක්වා ගෙවුනු මාසය තුළ ඩොලරයට සාපේක්ෂව රුපියල වැඩිම අව ප්‍රමාණය වීම අද වාර්තා වී තිබේ.

පසුගිය ජුනි මස 14 වෙනි දින ඩොලරයට රුපියල් 303.20ක් වී තිබු අතර අද වනවිට එය රුපියල් 316.35ක් දක්වා පහත වැටී තිබිණි.

ඒ අනුව මේ මාසය තුළ රුපියල් 13.14කින් රුපියල බිඳවැටී ඇති බව මහ බැංකුවේ විනිමය අනුපාත නිවේදනවලින් හෙළි වේ.

එම මාසය තුළ මීට පෙර රුපියලේ වැඩිම අව ප්‍රමාණය වීමක් වාර්තා වූයේ ජුනි 16 වනදා වන අතර ඒ රුපියල් 313.82ක් වශෙන් වන අතර පසුව ජූලි 12 වනදා රුපියල් 313.90 ලෙස වාර්තා වී තිබිණි.

මෙලෙස රුපියල වේගයෙන් කඩා වැටෙමින් පවතින්නේ භාණ්ඩ ආනයන සීමා මුළුමනින්ම ඉවත් කර නැති තත්වයක් තුළ වන අතර මෙම වසර අවසන් වනවිට රුපියල තවත් දරුණු කඩාවැටීමකට ලක්විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂණ සමාගම් අනතුරු අඟවා තිබේ.

Facebook
Twitter
LinkedIn