ණය ප්‍රතිව්‍යූහගත කිරීම යටතේ මේ වනවිට සේවක අර්ථසාදක අරමුදලට එල්ල වී ඇති දැවැන්ත බලෑම සම්බන්ධයෙන් අන්තර් සමාගම් සේවක සංගමය විසින් ගොනු කළ පෙත්සම අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී එම නඩුවේ වගඋත්තරකරුවන් සියලුම දෙනා වෙනුවේන නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිට ඇති අතර එහිදී වගඋත්තරකරුවන්ට විරෝධතා ගොනු කිරීමට අවශ්‍ය බව අධිකරණයට දැනුම්දීම මත සීමිත විරෝධතා ගොනු කිරීමට අධිකරණය අවසර ලබාදී ඇත.
ඒ අනුව සීමිත විරෝධතා ගොනු කිරිමෙන් පසුව නඩුවේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන 27වනදා නඩුව යළි කැඳවීමට නියෝග කර තිබේ.
මෙම නඩුව ලක්ෂ 25ක් වූ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ EPF අරමුදල කොල්ල කෑමට එහරෙහිව ගොනු කර ඇති නඩුවක් බැවින් එම සේවකයන්ගෙ අරමුදල බිලිදීමට ආණ්ඩුව ගත් තීරණය වැරදි බවට ලක්ෂ 25ක් වූ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අයිතිය ආරක්ෂා කිරිම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු තහවුරු කරන බව මෙහිදී පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුනිල් වටල මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.
මෙම පෙත්සම ගොනු කර ඇත්තේ අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ ඇතුළු පිරිසක් විසිනි.










