මාලිමාවේ නඩුවට අදාලව අලුත් මැතිවරණ කොමිසම අධිකරණ හමුවේ පෙනි සිටී – අධිකරණයේ වුනේ මොනවාද?

මාලිමාවේ නඩුවට අදාලව අලුත් මැතිවරණ කොමිසම අධිකරණ හමුවේ පෙනි සිටී – අධිකරණයේ වුනේ මොනවාද?

මාර්තු 09වෙනිදා පැවැත්වීමට තිබූ පළාත්පාලන මැතිවරණයේ ඡන්ද විමසීම අසාධාරණ ලෙසත් ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙසත් කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද (14) කැඳවනු ලැබීය.

මේ සඳහා පසුගිය මස 27 වනදා ශ්‍රේෂ්ඨාධිකරණ විසින් නියෝග කර තිබූ පරිදි නව මැතිවරණ කොමිසමේ නිලධාරීන්ද අද දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි ඇත.

මේ අනුව නඩුවට අදාල තාක්ෂණික කරුණු සියල්ල සම්පූර්ණ වී බැවින් ලබන 24 වනදා යළි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබේ.

මෙම නඩුව රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරදීමේ නඩුවක් බැවින් සහ මේ වනවිට අදාල තාක්ෂණික කරුණු සම්පූර්ණ වී ඇතැයි අධිකරණය පිළිගෙන ඇති බැවින් නඩුව පිළිගෙන විභාග කරනු ඇතැයි තමන් පූර්ණ විශ්වාසට පල කරන බව නීතීඥ සුනිල් වටගල සඳහන් කරයි.

ජාතික ජන බලවේග ලේකම් නිහාල් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර නීතිපති, අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය, මහා භාණ්ඩාගාරයේ ලේකම්, මුද්‍රණාලයාධිපතිනිය, පොලිස්පති ඇතුළු පිරිසක් මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ තිබේ.

Facebook
Twitter
LinkedIn