රොෂාන් රණසිංහගේ රග්බි ගැසට්ටුවට අභියාචනාධිකරණයෙන් තහනම්

රොෂාන් රණසිංහගේ රග්බි ගැසට්ටුවට අභියාචනාධිකරණයෙන් තහනම්

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉලියාස්ගේ සහ එම ආයතනයේ කටයුතු අත්හිටුවමින් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, රග්බි ආයතනයේ සභාපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සමක තීන්දුව දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

මෙම අතුරු නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවද එම නියෝගයේ සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn