සියඹලාපිටිය රනිල් සමඟ එක්වී සුපිරි ගේමක!

සියඹලාපිටිය රනිල් සමඟ එක්වී සුපිරි ගේමක!

මෙම වසරේ ඇස්තමේන්තුගත බදු ආදායම ඉක්මවා ගවත් රුපියල් කෝටි 10,000ක් උපයා ගැනීමේ සැලසුමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට පසුගිය 12 වෙනිදා ඉදිරිපත් කර ඇති අතර 2020 වර්ෂයේ සිට 2023 දක්වා මහා පරිමාණයෙන් සිදුකර තිබෙන බදු ගෙවීම් පැහැර හැරීම් පිළිබඳ කිසිවක් සඳහන් කර නැත.

විශේෂයෙන් ම පසුගිය වසරේ වැඩි කාලයක් මුදල් ඇමති ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහගේ කාලය තුළ රුපියල් කෝටි 90,400ක බදු ගෙවීම් පැහැර හැර තිබේ. 2020 වසරේදී රුපියල් කෝටි 69,800ක් ද, 2021 වසරේදී රුපියල් කෝටි 62,000ක් ද මේ ලෙසින් බදු නොගෙවා පැහැර හැර ඇති බවට විගණකාධිපතිවරයා හෙළිකර තිබේ. මේ අනුව එම වසර 3 තුළ පමණක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට එකතු කර ගත හැකිව තිබූ එහෙත් එකතු කර නොගත් රුපියල් කෝටි 222,200ක් අය කර ගැනීම පිළිබඳව කිසිදු අවධානයක් මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය යොමුකර නැත.

එසේ තිබියදී මෙම වසරේ රජයේ ඇස්තමේන්තුගත බදු ආදායම රුපියල් කෝටි 313,000ක් අභිබවා තවත් රුපියල් කෝටි 10,000ක් උපයා ගැනීම පිළිබඳව සැලසුමක් රාජ්‍ය ඇමතිවරයා ඉදිරිපත් කර ඇත. නමුත් මෙම වසරේ මුල් මාස 4 තුළ උපයා ගෙන බදු ආදායම රුපියල් කෝටි 74,300ක් හෙවත් අපේක්ෂිත ඇස්තමේන්තුවෙන් 23,7%ක් පමණක් වී ඇත.

මුදල් රාජ්‍ය ඇමතිවරයා තවත් අමතර රුපියල් කෝටි 10,000ක බදු ආදායම් ලබා ගන්නා බව පවසන්නේ මෙම වසරේ මුල් කාර්තුව තුළ පසුගිය වසරට වඩා දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ඍණ 11.8%ක් වී තිබිය දී ය.

Facebook
Twitter
LinkedIn