OnMax DT අධ්‍යක්ෂ මණ්ඩලයේ කෝටි 79ක බැංකු ගිණුම් 06ක් අත්හිටුවයි

OnMax DT අධ්‍යක්ෂ මණ්ඩලයේ කෝටි 79ක බැංකු ගිණුම් 06ක් අත්හිටුවයි

OnMax DT පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් හය දෙනෙකුගේ රුපියල් කෝටි 79ක මුදලක් තැන්පත් කර තිබූ බැංකු ගිණුම් 06ක් අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

එසේම අදාළ සමාගමට අයත් බැංකු ගිණුම් 95ක්ද මේ වනවිට අත්හිටුවා ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට සඳහන් කර තිබේ.

මොවුන් විසින් වංචා කර ඇති මුදල කොතෙක්ෙද යන්න මෙතෙක් සඳහන් කළ නොහැකි බවත් අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් හයදෙනාගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් කෝටි 79 මෙන් විසි ගුණයක් පමණ ඔවුන් උපයාගෙන ඇති බවට සැක කරන බවත් අධිකරණයට දැනුම්දී ඇත.

අදාළ සමාගමේ ආයෝජන ලෝකයේ විවිධ රටවල ඇති බවට සමාගම සඳහන් කළද මෙතෙක් ඒ පිළිබඳව කිසිඳු සාක්ෂියකින් තහවුරු කිරීමට ඔවුන්ට හැකි වී නොමැති බවද විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Facebook
Twitter
LinkedIn