EPF කොල්ලයට එරෙහි සටන් පෙරමුණ ශක්තිමත් කෙරේ

EPF කොල්ලයට එරෙහි සටන් පෙරමුණ ශක්තිමත් කෙරේ

සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු විශ්‍රාම වැටුප් අරමුදල්වලට දැඩි ඍණාත්මක බලපෑමක් සිදුකරන දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉක්මනින් කැඳවන ලෙස මෝසමක් මගින් ඉල්ලා ඇත.

අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, එම සංගමයේ ලේකම් ජානක අධිකාරි ඇතුළු පෙත්සම්කරුවන් 6 දෙනෙකු විසින් මහ බැංකු අධිපති, මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලේ ප්‍රධානින් මෙන්ම අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයත්, කැබිනට් මණ්ඩල ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් 46 දෙනෙකුට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර ඇත.

මෙම පෙත්සම් මාර්ග ගත ක්‍රමය ඔස්සේ සලකා බැලීමට නියමිතව තිබූ අතර එය විවෘත අධිකරණයේදී මෙම මස 17 වෙනි දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මෝසමෙන් වැඩි දුරටත් ඉල්ලා තිබේ. එසේම, මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ලබා දෙන තෙක් විශ්‍රාම වැටුප් අරමුදල්වලින් භාණ්ඩාගාර බිල්පත් හරහා රජයට ලබාදී ඇති ණය බැඳුම්කරවලට පරිවර්තනය නොකිරීම ඇතුළු ණය කපා හැරීම නොකරන ලෙස අතුරු තහනම් නියෝගයක් ලබා දෙන ලෙස ද මෝසම මගින් ඉල්ලා ඇත.

Facebook
Twitter
LinkedIn