කැනියුලාවක් ආසාදනය වී උණ රෝගියෙක් ජීවිතක්ෂයට

කැනියුලාවක් ආසාදනය වී උණ රෝගියෙක් ජීවිතක්ෂයට

ගාල්ල ප්‍රදේශයේ රජයේ රෝහලකට ඇතුළත් කළ උණ රෝගියෙකුගේ අතට සවි කළ කැනියුලාව ආසාදනය වීමෙන් විෂබීජ ශරීරගතවීමේන පානදුර මූලික රෝහලේදී ඉයේ (13) ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු සති දෙකකට පමණ පෙර උණ රෝගී තත්වයක් වැළඳී ගාල්ල ප්‍රදේශයේ රජයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර එහිදී සවිකළ කැනියුලාව ආසාදනය වී විෂබීජ ශරීරගතවී ඇති බවට හඳුනාගෙන ඇත.

පසුව පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු හෘද රෝගියෙකුද වන බැවින් වෙනත් රෝහලකට මාරු කරයැවීමට වෛද්‍යවරුන් උත්සාහ කර තිබේ.

නමුත් එහිදී ඔහු මියගොස් ඇති අතර කැනියුලාවෙන් සිදුවූ විෂබීජ ආසාදනයක් මරණයට හේතු වන්නට ඇතැයි වෛද්‍යවරු විශ්වාස කරති.

Facebook
Twitter
LinkedIn