සේවක අර්ථසාධක අරමුදල සහ සේවානියුක්තියන්ගේ භාරකාර අරමුදලෙන් රජය ලබාගෙන තිබෙන ණය කපාහැරිම පිළිඳව කිසිදු නිල දැනුම්දීමක් එම අරමුදල් ප්‍රධානීන්ට මේ දක්වා සිදු කර නැති බව අද (30) පාර්ලිමේන්තුවේ පැවති රාජ්‍ය මුදල් කාරක සභාවේදී හෙළි වූ බව ජාතික ජන බලවේගෙයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් හෙළි කරනු ලැබීය.
එම කාරක සභාවට සහභාගී වීමෙන් පසු පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිනි මන්ත්‍රීවරයා වෙත මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.
දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම තුළින් එම අරමුදල්වලට කිසිදු බලපෑමක් සිදු නොවන බව මහ බැංකු අධිපතිවරයා දිගින් දිගටම ප්‍රකාශ කළද කාරක සභාවේදී හෙළි වූ කරුනු අනුව මෙම අරමුදල්වලට අනිවාර්යයෙන් දැඩි බලපෑමක් එල්ලවන බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
18










