දුප්පතුන්ගේ සමෘද්ධිය කපා රනිල් කේක් කයි

දුප්පතුන්ගේ සමෘද්ධිය කපා රනිල් කේක් කයි

අස්වැසුම සහනාධාර වැඩපිළිවෙල ඉදිරියට දමා ලැබෙමින් තිබූ සමෘද්ධි දීමනාව පවා කපා හැරීමෙන් ජනතාව මහ මඟට වැටී නොසන්සුන් වී සිටින අතර රනිල් වික්‍රමසිංහ උපන්දින සාද පවත්වමින් ප්‍රශ්න යට ගැසූ ආකාරය මාධ්‍ය වාර්තා කර තිබේ.

අස්වැසුම යෝජනා ක්‍රමයේ ගැටළු සාකච්ඡා කිරීම සඳහා කැඳවූ පොහොට්ටු පක්ෂයේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් එම මාතෘකාව පැත්තකට දමා උපන් දින සාද පැවැත්වූ ආකාරය දේශය පුවත්පත වාර්තා කර තිබේ. එම වාර්තාවට අදාළ උපුටා ගැනීම පහත දැක්වේ.

“අස්වැසුමට වඩා වැදගත් වැඩක් තියෙනවා අද මට මෙතන කරන්න. අද අපේ ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය ඇමතිතුමාගේ උපන් දිනය. මම කේක් එකක් අරගෙන ආවා. එහෙනම් අපි ඔක්කොම එකතු වෙලා මේ කපලා කේක් කමු – ජනාධිපතිගේ උපක්‍රමශීලී කතාවෙන් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඉදිරියට පැමිණ සිය උපන්දින කේක් ගෙඩිය කපා තිබේ. ආරවුල යටපත්ව ගොස් ඇත. එහිදී පළමු කේක් කෑල්ල ජනපතිට කවන්නට ශෂීන්ද්‍ර රාජපක්ෂ සූදානම් වූ විට ජනාධිපතිවරයා විහිළුවක්ද කර තිබේ.

ඔයා මට මුලින්ම දෙන්නේ. මෙතන ඔයාගේ තාත්තා ඉන්නවනේ. කෝ එන්න එන්න අපේ චමල් රාජපක්ෂ ඇමතිතුමා. – අනතුරව ජනාධිපති අගමැති සියලු දෙනා එක්ව උපන්දින සාදය සමරා ඇතැයි කියවේ. ඒ අනුව සියලු ගැටුම් සමනය වී තිබිණි.“

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්