ජනාධිපති මාධ්‍ය ඒකකය ගුවන්විදුලියට කඩාවැදීමේ සූදානමක්

ජනාධිපති මාධ්‍ය ඒකකය ගුවන්විදුලියට කඩාවැදීමේ සූදානමක්

ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිල කාර්යාලය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට අයත් පරිශ්‍රය තුළට ගෙන ඒමේ සූදානමක් ඇති බව වාර්තා වේ.

ටොරින්ටන් චතුරස්‍රයේ පිහිටි ගුවන් විදුලි සංස්ථාවේ ගොඩනැගිලි මේ වනවිට විවිධ වෙළඳ ව්‍යාපාර සඳහා දිගුකාලීනව කුළියට දෙමින් සිටින අතර ජනාධිපති මාධ්‍ය ඒකකයද එම ගොඩනැගිල්ලකට ගෙන ඒම පිළිබඳව ක්ෂණිකව කටයුතු සිදුකෙරෙමින් පවතී.

මේ වනවිට ගුවන්විදුලි සන්නිවේදන පුහුණු මධ්‍යස්ථානය, ළමා වැඩසටහන් පුහුණු මධ්‍යස්ථානය සහ වෙනත් අත්‍යාවශ්‍ය කටයුතු සඳහා බාවිතාකරන ගොඩනැගිලිවලින් එම කටයුතු ඉවත් කර ජනාධිපති මාධ්‍ය ඒකකය ස්ථාපිත කිරීමට යන බව මේ වනවිට හෙළිවන තොරතුරුවලින් අනාවරණය වේ.

මේ සම්බන්ධයෙන් පූර්ව නිල ලේඛන කිසිවක් අදාල ආයතන අතර හුවමාරු කරගෙන නැති බවද ජනාධිපතිවරයාගේ සමීපතමයින් කිහිපදෙනෙකු අත්තනෝමතික ලෙස මැදිහත්වීමෙන් සැලසුම් දියත් කර ඇති බව වැඩිදුරටත් හෙළිවේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්