මේ වනවිට රුසියාව සහ ලෝකයේ ප්‍රධානම ඉන්ධන සැපයුම් රටවල් වන සෞදි අරාබිය ඇතුළු ඔපෙක් සාමාජික රටවල් සැලකිය යුතු ලෙස පහළ හෙළීමට තීරණය කර ඇති අතර එය ලෝක ඉන්ධන ඉල්ලුමෙන් 3.7% බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.
ඒ අනුව දෛනිකව බැරල් මිලියන 1.16ක් පමණ නිෂ්පාදනය අඩුකිරීමට එම රටවල් තීරණය කර තිබේ.
එම තීරණයට අනුව දෛනිකව අඩුකර ඇති ඉන්ධන නිෂ්පාදන ධාරිතාව බැරල් මිලියන 3.66ක් බවත් එය ලෝක ඉන්ධන ඉල්ලුමෙන් 3.7% බවත් ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.
ඒ හේතුවෙන් ලෝක ඉන්ධන මිල ඉහළයාම නොවැළක්විය හැකි බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පැවසූ බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
1










