රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ හොබවන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමේ තීන්දුව තවත් මාස දෙකකින් එනම් ජුනි මස 06 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (03) සඳහන් කර තිබේ.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගයට ගෙන ඇත.
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ පාර්ලිමේන්තුවට තේරීපත්වූයේ සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය පක්ෂයෙන් ජාතික ලයිස්තුවෙනි.
1










