රනිල් ගෝඨා එක්ව ගේමක් දුන් හැටි මෙන්න

රනිල් ගෝඨා එක්ව ගේමක් දුන් හැටි මෙන්න

පසුගිය 2022 වසරේදී භාණ්ඩාගාර බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් මගින් රජය ණය ලබා ගැනීමේදී 33% ඉක්මවූ ගිනි පොලියකට විශාල ණය මුදලක් ලබාගෙන ඇති බව මහ බැංකුවේ නිල නිවේදනවලින් අනාවරණය වේ.

එම වසරේ ජනවාරි 26 වෙනි දින රුපියල් මිලියන 80,500ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ණය ලබා ගෙන ඇති අතර ඒ වෙනුවෙන් නියමවී ඇති උපරිම පොලී මුදල 8.55%ක් වී තිබිණි. නමුත් අප්‍රේල් මස 27 වෙනි දින රුපියල් මිලියන 87,500ක භාණ්ඩාගර බිලිපත් මගින් ණය ගැනීමේදී 24.09%ක උපරිම පොලියක් නියම වී ඇත.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති සහ මුදල් ඇමති ලෙස පත්වීමෙන් පසුව 2022 ජූලි මස 27 වෙනි දින රුපියල් මිලියන 85,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ඇති අතර ඒ වෙනුවෙන් 29.53%ක උපරිම පොලියක් නියම කර තිබේ. ඔක්තෝබර් මස 26 වෙනි දින රුපියල් මිලියන 69,644ක භාණ්ඩාගාර බිලිපත් නිකුත් කර ණය ලබාගෙන තිබෙන්නේ 33.05% පොලියකට ය.

ශ්‍රී ලංකා මහ බැංකුව නියම කරනු ලබන ණය පොලී අනුපාත මෙන් දෙගුණයකටත් වඩා ඉහල ගිනි පොලිියක මේ වනවිට ද ණය ලබා ගනිමින් සිටී.

Facebook
Twitter
LinkedIn