සජිත්ගේ අපේක්ෂකයා රජයේ නිලධාරිනියක් ඝාතනය කරයි

සජිත්ගේ අපේක්ෂකයා රජයේ නිලධාරිනියක් ඝාතනය කරයි

සමගි ජන බලවේගයේ පළාත් පාලන අපේක්ෂකයෙකු ලෙස තංගල්ල ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වී සිටින ජයවර්ධන පතිරණගේ නැමැත්තා විසින් කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනියක වූ දීපශිකා ලක්රුවනිව ඝාතනය කර ඇත.

මෙම ප්‍රාදේශීය සභා අපේක්ෂකයා හට රසායනික පොහොර ලබා දෙන ලෙස කෘෂිකර්ම නිලධාරිනියට අවස්ථා කිහිපයකදී බලපෑම් කර ඇති අතර එයට එකඟ නොවීම නිසා ඊයේ (27) උදෑසන මෙම ඝාතනය සිදුකර තිබේ. එම නිලධාරිනිය තංගල්ල නෙටොල්පිටිය වැලිආරේ පිහිටි ඇයගේ නිවසේ සිට කාර්යාලය බලා යන අවස්ථාවේ ඝාතනය සිදුකර ඇති බව වාර්තාවී තිබේ.

සමගි ජන බලවේගයේ එම අපේක්ෂකයා “ඩැනී බේබි” යනුවෙන් හඳුන්වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ සමීපතම ඥාතියෙකු බව ද වැඩිිදුරටත් හෙළිවී තිබේ.

Facebook
Twitter
LinkedIn