විශ්‍රාමික වැටුප් කැපීමත් අරඹයි

විශ්‍රාමික වැටුප් කැපීමත් අරඹයි

බස්නාහිර පළාතේ සමූපකාර සේවක විශ්‍රාමික වැටුප් අරමුදලින් මේ වනතෙක් ලබා දෙමින් තිබූ මාසික විශ්‍රාමික වැටුප 40%කින් පමණ කපා හැරීමට විරෝධය පළකරමින් අද (04) පෙරවරුවේ මහරගම වත්තේගෙදරදී උද්ඝෝෂණයක් පැවැත්වීය.

මෙම කපා හැරීම නිසා අසාධාරණයට ලක්වූවන් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබූ අතර එයට විශාල පිරිසක් සහභාගී වී සිටියහ. වයස අවුරුදු 65ක් පමණ ඉක්මවූ පිරිස මෙම උද්ඝෝෂනයේ නියැලී සිටියහ. 2010 වසරේ සිට පසුගිය නොවැම්බර් මස දක්වා අඛණ්ඩව සම්පූර්ණයෙන් ලැබුණු මෙම විශ්‍රාම වැටුප එම මාසයේ සිට 40%කින් පමණ කපා හැර තිබිණි.

බස්නාහිර පළාත තුළ පමණක් 400කට අඩික පිරිසක් මෙම විශ්‍රාම වැටුප් අරමුදලින් මාසික වැටුප් ලබා ගනිමින් සිටිති. අසාධාරණයට ලක්වූවන් ජනතා විමුක්ති පෙරමුණේ දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ හමුවී තමන්ට සාධාරණය ඉටු කරවා ගැනීමට මැදිහත් වෙන්නයි ඉල්ලීමක් කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්