පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ලබන මේ මස 18 වනදා ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසන්නේ මේ මස 18 වනදා සිට 21 වනදා තෙක් දහවල් 12.00 දක්වා නාමයෝජනා භාරගැනීම සිදුකරන බවය.
එමෙන්ම මැතිවරණයට ඉදිරිපත් වන ස්වාධීන කණ්ඩායම් සඳහා ඇප මුදල් තැන්පත් කිරීමටද හෙට (05) සිට අවස්ථාව සලසා දී ඇති බව සභාපතිවරයා කියා සිටී.
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ දැන්වීම දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් මේ වනවිට නිකුත් කර ඇති බවද ඔහු ප්‍රකාශ කරයි.
අදාළ දැන්වීමේ, නාමයෝජනා භාර ගන්නා දිනය, ස්ථානය, ඇප මුදල් සම්බන්ධ විස්තර, අපේක්ෂයින් සංඛ්‍යාව, කාන්තා නියෝජනය ඇතුළු කරුණු ඇතුළත් වේ.
පළාත් පාලන ආයතන 341න් ආයතන 340ක් සඳහා මෙලෙස නාමයෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් වනු ඇත.
0










