PHI කාර්යාලවල ලයිට් කපයි

PHI කාර්යාලවල ලයිට් කපයි

කොළඹ මහ නගර සභාව යටතේ පවතින ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් දිසා අංක 2A සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට සපයා තිබූ විදුලිය අද පෙරවරුවේ විසන්දි කළ බව වාර්තා වේ.

මෙයට හේතුව වී ඇතිතේ රුපියල් 26,000/- පමණ විදුලි ගාස්තුවක හිඟයක් පැවතීම ය. පසුගිය කාලයේ එම නගර සභාවේ නගරාධිපතිනියගේ සුඛ විහරණය වෙනුවෙන් විශාල මුදල් නාස්තියක් කළ අතර වෙනත් විවිධ ව්‍යාපෘති සඳහා බව කියමින් රුපියල් කෝටි ගණනක මහජන ධනය විනාශ කර තිබෙන පසුබිමක ජනතාවට අත්‍යාවශ්‍ය සෞත්‍ය සේවා කාර්යාලයක විදුලිය විසන්දි කිරීමට ඉඩ හැර තිබිණි.

මෙම දිසා අංක 2A කළාපය මැද කොළඹට අයත් වන අතර වැඩිම දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවක් ජීවත් වෙති. ආහාර අහේනිය නිසා පාසල් නොයන දරුවන් විශාල පිරිසක් ද ඩෙංගු ක්ෂය රෝගය වැනි බෝවන රෝග සම්බන්ධයෙන් කේන්ද්‍රස්ථානයක් ද ලෙස මෙම ප්‍රදේශය හඳුනාගෙන තිබේ. කොවිඩ් වසංගත සමයේ එය වේගයෙන් ව්‍යාප්ත වූ ප්‍රදේශයක් විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්