රනිල් වික්‍රමසිංහ මෙම වර්ශය වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය අනුව පසුගිය පළවෙනිදා සිට ක්‍රියාත්මක උපයනවිට ගෙවීම් බදු අනුපාත අනුව මාසයකට රුපියල් ලක්ෂ 04ක වැටුප් ලබන්නන්ගේ මාස දෙකක පඩිපත වසරක් තුළදී බදු ලෙස කපාගනී.
මසකට රුපියල ලක්ෂ 04 ඉක්මවූ වැටුප් ලබන්නන් සඳහා මෙය තවදුරටත් දරුණු මට්ටමක පවතී. මාසයකට ලක්ෂ 04ක වැටුප් ලබන්නෙකුගේ උපයනවිට ගෙවීම් බද්ද රුපියල් 70,500කි. ඒ අනුව වර්ශයකදී අයකරගන්නා බදු මුදල රුපියල් 846,000ක් වේ. මෙම බදු අයකිරීම් අනුව එම වටුප් කාණ්ඩයේ අයට මාස දෙකක් ඉක්මවූ වැටුප් කපා ගැනීමක් මේ අනුව සිදු කරයි.
ඊට අමතරව සමාජ ආරක්ෂණ බද්ධ 2.5% චක්‍රාකාර බද්ධක් ලෙස ක්‍රියාත්මක වන අතර එකතුකළ අගය මත බද්ධ (VAT) 8% සිට 15% දක්වා ඉහළ දැමීම මෙන්ම එම බදු අය කරන සීමාව පහත හෙළීමත් පොලී ආදායම් මත 5%ක බදු අය කිරීමත් යනාදියද රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ක්‍රියාමාර්ග අතර ජනතාව පීඩනයට පත් කිරීමේ ප්‍රමුඛස්ථානය ගෙන තිබේ.
රුපියල් 100,000 සිට 150,000 දක්වා මාසික බද්ද රුපියල් 3,500යි.
රුපියල් 150,000 සිට 200,000 දක්වා මාසික බද්ද රුපියල් 10,500යි.
රුපියල් 200,000 සිට 250,000 දක්වා මාසික බද්ද රුපියල් 21,000යි.
රුපියල් 250,000 සිට 300,000 දක්වා මාසික බද්ද රුපියල් 35,000යි.
රුපියල් 300,000 සිට 350,000 දක්වා මාසික බද්ද රුපියල් 52,500යි.
රුපියල් 350,000 සිට 400,000 දක්වා මාසික බද්ද රුපියල් 70,500යි.
මාසික වැටුප ලක්ෂ 10ක් නම් මාසික බද්ද රුපියල් 286,500යි.










