රාජ්‍ය ආයතන විකිණීමට ආණ්ඩුවෙන් සේල්ස් කම්පනියක් !

රාජ්‍ය ආයතන විකිණීමට ආණ්ඩුවෙන් සේල්ස් කම්පනියක් !

රාජ්‍ය සමාගම්, රජයට කොටස් හිමි සමාගම් සහ සංස්ථා ඇතුළු රාජ්‍ය ආයතන විකිණීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් නව රාජ්‍ය සමාගමක් පිහිටුවා තිබේ.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ “රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය” ලෙස මෙය ස්ථාපිත කර ඇත.

ඒ අනුව විකිණීම සඳහා තීරණය කරන රාජ්‍ය සමාගම්, රජයට කොටස් හිමි සමාගම් සහ සංස්ථා මෙම නව සමාගම මව් සමාගම ලෙස එහි අනුබද්ධිත සමාගම් ලෙස ලියාපදිංචි කිරීමට නියමිතය.

මීට අදාල යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වන අතර එයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් තීරණවල එය සඳහන් වනනේ,

“රජය සතු ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කරණ වැඩ සටහන

2022 අතුරු අයවැය මෙන්ම 2023 වර්ෂය සඳහා වන අයවැය ඉදිරිපත් කිරීමේදී ද රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන යෝජනාව ගරු ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදි. ඒ අනුව, දැනටමත් රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කරණ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංගය යටතේ රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය ස්ථාපිත කරනු ලැබ ඇත. ප්‍රතිව්‍යුහගත කරණය කිරීම සඳහා අපේක්ෂිත ආයතන අතුරින් ඇතැම් ආතන රජය සතු සමාගම් වන අතර එවැනි ඇතැම් සමාගම්වල බහුතර කොටස් රජය සතුව පවතී. එසේම, සහර රාජ්‍ය ව්‍යවසායයන් සංස්ථා වශයෙන් ක්‍රියාත්මක වේ. එම තත්ත්වය යටතේ රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන කඩිනම් කිරීමට හැකි වන පරිදි 100% ක ක කොටස් හිමිකාරිත්වය භාණ්ඩාගාරයේ ලේකම් සතු වන අයුරින් මහා භාණ්ඩාගාරයට අනුබද්ධිත මව් සමාගමක් ස්ථාපිත කිරීමටත්. ප්‍රතිව්‍යුහගතකරණය සඳහා හඳුනාගනු ලබන රාජ්‍ය ව්‍යවසායයන් එකී මට සමාගමට අනුබද්ධික සමාගම් ලෙස ලියාපදිංචි කිරීමටත් අවශ්‍ය විධිවිධාන සැලසීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්