සියළුම ඉන්ධන වර්ග සඳහා ලීටරයකට පනවා ඇති බදු අනුපාත රුපියල් 25කින් ඉහළ දමා තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් ලීටරයක් සඳහා පැවති නිෂ්පාදන බද්ද රුපියල් 27 සිට රුපියල් 52 දක්වාද වෙනත් වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සඳහාද පැවති රුපියල් 27ක බද්ද රුපියල් 52 දක්වාද ඉහළ නැංවා ඇත.
එමෙන්ම සුපර් ඩීසල් ලීටරයක් සඳහා පැවති රුපියල් 13ක නිෂ්පාදන බද්ද රුපියල් 38 දක්වාද වෙනත් ඩීසල් ලීටරයක් සඳහා පැවති රුපියල් 06ක නිෂ්පාදනය බද්ද රුපියල් 31 දක්වාද ඉහළ නංවා තිබේ.
වෙනත් ඉන්ධන වර්ග ලීටරයක් සඳහා රුපියල් 13ක බද්ද රුපියල් 38 දක්වාද ඉහළ නංවා ඇත.
මෙම බදු අනුපාත සැලකිල්ලට ගෙන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල ගණන් සංශෝධනය කිරීම, ඉන්ධන මිල සුත්‍රයට අනුව සිදු කරන බව මුදල් අමාත්‍යංශය පවසයි.
මෙම බදු ඉහළ දැමීම සිදු කරන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දැනට පවතින අමෙරිකානු ඩොලර් මිලියන 2,758ක ණය මුදල මුල්‍යනය කිරීම සඳහා වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදනයෙන් 0.3%ක ආදායමක් උපයා ගැනීම සඳහා ඊට අදාළ මුදල් පනත පාර්ලිමේන්තුව සම්මත කරන තුරු යැයිද සඳහන් වේ.










