ආණ්ඩුවේ විශ්‍රාම ප්‍රතිපත්තියෙන් ගුරුවරු 12,000ක් ගෙදර

ආණ්ඩුවේ විශ්‍රාම ප්‍රතිපත්තියෙන් ගුරුවරු 12,000ක් ගෙදර

ආණ්ඩුවේ රාජ්‍ය සේවක විශ්‍රාම ප්‍රතිපත්තිය හේතුවෙන් මේ වනවිට සේවයේ නියුතු ගුරුවරු 12,000ක් පමණ විශ්‍රාම යාමට නියමිතව ඇතැයි වාර්තා වේ.

නව වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයට එක්වෙමින් අධ්‍යපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත
මේ බව තහවුරු කරමින් සඳහන් කර ඇත්තේ ගුරුවරුන් විශාල පිරිසක් විශ්‍රාම යාම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට අභියෝගයක් වී ඇති බවය.

මීට පෙර වසරකට ගුරුවරුන් 4,000ක් පමණ විශ්‍රාම ගියද මෙම වසරේදී ගුරුවරුන් 10,000ත් 12,000ත් අතර පිරිසක් විශ්‍රාම ගොස් ඇති බවද ඇමතිවරයා සඳහන් කරයි.

එම පුරප්පාඩු ඉදිරි මාස 03 තුළ සම්පූර්ණ කළ යුතු බවත් ඔහු සඳහන් කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්