අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීමට පවා විදේශ විනිමය නොමැතිව සිටින පසුබිමක මිල ගණන් වේගයෙන් ඉහල යාම පාලනය කර ගත නොහැකි වූ ආණ්ඩුව විදේශයන්ගෙන් බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.
ඊයේ (02) රැස්වූ කැබිනට් මණ්ඩලය අදාළ අනුමැතිය ලබා දුන් බව නිල කැබිනට් නිවේදයේ දැක්වේ. අත්‍යාවශ්‍ය කුකුල් කෑම සහ වෙනත් වර්ධක හෝමෝන වර්ග ආනයනය කිරීම තහනම් කිරීමෙන් කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදනය සම්පූර්ණයෙන් ම බිඳ වැටිණි. මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු මත සමස්ත වෙළඳපොල ඒකාධිකාරයක් නිර්මාණය වීමට ඉඩහැර මිල ගණන් වේගයෙන් ඉහල යාමට සැලැස්වීය.
මේ ලෙස බිත්තර ආනයනය කිරීම සඳහා ආණ්ඩුවේ තවත් ගජ මිතුරු ජාවාරම්කරුවන්ට ඉඩ සලසා දෙන්නේ දැයි බලවත් සැකයක් මතුවී තිබේ.

කැබිනට් තීරණ
0










