විදුලි සේවක විරෝධතාවයත් සතියකින් කල් දමයි

විදුලි සේවක විරෝධතාවයත් සතියකින් කල් දමයි

විදුලි බිල වැඩිකිරීමට පවතින යෝජනාවට එරෙහිව අද (03) පැවැත්වීමට නියමිතව තිබුණු විරෝධතා මාලාව කල් දැමීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් පවසයි.

ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී එම යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධය පිළිබඳව තීරණයක් ගැනීම සතියකින් කල් දැමීම හේතුවෙන් සිය වෘත්තීය සමිති සන්ධානයද විරෝධතා මාලාව කල් දැමූ බවයි ඔහු සඳහන් කරයි.

ඒ අනුව සතියකින් පසු ආණ්ඩුව විදුලි බිල වැඩි කිරීමට තීන්දු කළහොත් ඉතා ශක්තිමත්ව විරෝධතා සංවිධානය කරන බවත් විදුලි බිල වැඩි කිරීම වහාම ආණ්ඩුව හකුලාගත යුතු බවත් ඔහු වැඩිදුරටත් ආණ්ඩුවට අවධාරණය කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්