මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීමට මුදල් නොමැති බව පොහොට්ටු පක්ෂය සහ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් මත පළකරන කිහිප දෙනෙක් විවිධ ප්‍රචාරයන් ගෙන ගියද, මෙම වර්ෂයේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් මිලියන 10,996ක් අයවැයෙන් වෙන් කර තිබේ.
පසුගිය 2021 වර්ෂයේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් රුපියල් මිලියන 993ක් ද, 2022 වර්ෂයේදී රුපියල් මිලියන 974ක් ද වෙන් කර තිබිණි. රනිල් වික්‍රමසිංහ විසින් 2023 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා ලද අයවැය ලේඛනයෙන් එම කොමිසමට රුපියල් මිලියන 10,996ක් වෙන් කර ඇත්තේ මෙම වර්ෂය තුළ කවර හෝ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සහිතව බව මෙයින් තහවුරු වී ඇත.
මේ අතර මැතිවරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද මෙම වර්ෂයේ පැවැත්වෙන මැතිවරණයක් වෙනුවෙන් රුපියල් මිලියන 10,000ක් වෙන් කර තිබෙන බව පසුගිය සතියේ තහවුරු කරනු ලැබීය. එසේ තිබියදීත් රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටුව වෙනුවෙන් මත දක්වන්නන් මැතිවරණයකට මුදල් නැති බවට ව්‍යාජ මතයක් සමාජගත සිටිති.










