ණය බරින් පීඩාවටපත් අම්මා දරුවොත් සමග වස බොයි

ණය බරින් පීඩාවටපත් අම්මා දරුවොත් සමග වස බොයි

ලෝලුවාගොඩ, තලහේන ප්‍රදේශයේ පදිංචිව සිටි මවක විසින් තම පුතුට සහ දියණියට වස පානය කිරීමට සලස්වා තමන්ස වස පානය කිරීමෙන් අනතුරුව රෝහල්ගත කර සිටි ඒ.ඒ. පේෂාන් සචින්ත නැමැති පස් හැවිරිදි පුතු ජීවිතක්ෂයට පත්ව ඇතැයි නාල්ල පොලීසිය පවසයි.

මේ වනවිට මව අසාධ්‍ය තත්වයෙන් වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබන අතර 08 හැවිරිදි දියණියද අසාධ්‍ය තත්වයෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.

වස පානය කළ කාන්තාවගේ ඥාතීන් සඳහන් කරන්නේ අදාළ කාන්තාව බොහෝ ණය වී සිටි අයෙක් බවය.

නාල්ල පොලීසිය මේ වනවිට සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Facebook
Twitter
LinkedIn