දකුණ පළාත පතුළටම වැටිලා…

දකුණ පළාත පතුළටම වැටිලා…

දල ජාතික ආදායම පළාත් අනුව බෙදීයාමේ අලුත්ම සංඛ්‍යාලේඛන 2021 වසර වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති අතර අදාළ පළාත්වල ඒක පුද්ගල දල ජාතික ආදායම බෙදීයාමෙන් දකුණු පළාත නැගෙනහිර පළාතට පමණක් දෙවෙනි වී ඇති බව අනාවරණය වේ.

දකුණු පළාතේ ජාතික ආදායමේ දායකත්වය රුපියල් කෝටි 160,400ක් වන අතර ජනගහනය 2,696,000කි. මේ අනුව එම පළාතේ ඒකපුද්ගල දල ජාතික ආදායම රුපියල් 594,995ක් වී තිබේ. ජාතික ආදායමට අඩුම පංගුවකින් දායක වී සිටින නැගෙනහිර රුපියල් කෝටි 95,500ක් වන අතර එහි ජනගහණය 1,783,000 මේ අනුව එම පළාතේ ඒක පුද්ගල ජාතික ආදායම රුපියල් 535,614ක් වී තිබේ.

වැඩිම ඒකපුද්ගල ආදායම රුපියල් 1,212,574ක් හිමකරගෙන තිබෙන්නේ බස්නාහිර පළාතය. එහි ජාතික ආදායමේ දායකත්වය රුපියල් කෝටි 754,100ක් වන අතර ජනගහණය 6,219,000ක් වේ.

Facebook
Twitter
LinkedIn