ආණ්ඩුව අත්නෝමතික ලෙස ජනතාවට දරාගත නොහැකි ආකාරයට විදුලි බල වැඩි කිරීමට එරෙහිව විදුල් සේවකයෝ සහ පාරිභෝගික ජනතාව එක්ව හෙට (03) රට පුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර ඇති බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
එහි ප්‍රධාන විරෝධතාවය හෙට පස්වරු 12.00 සිට පසුවර් 2.00 දක්වා කොළඹ ලංකා විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වීමට සංවිධානය කර ඇතැයිද එම සංගමය සඳහන් කරයි.
එහි අනෙකුත් විරෝධතා රට පුරා පිහිටි විදුලි ඉංජිනේරු කාර්යාල, නියෝජ්‍ය සාමාන්‍යාධි කාර්යාල සහ විදුලි බලාගාර ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතය.
0










