රුපියල් කෝටි 9,800කින් වැඩ පටන් ගනී

රුපියල් කෝටි 9,800කින් වැඩ පටන් ගනී

වසර ආරම්භයත් සමඟම රුපියල් කෝටි 9,800ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන් ණය ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කර තිබේ.

මෙයට අදාළ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ජනවාරි 04 වෙනි දින සිදු කිරීමට නියමිත ය. මෙම වසරේ රජයේ සමස්ත ආදායම ඉක්මවා ණය සහ පොලී ගෙවීමට සිදුවී ඇති බව අදාළ සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වී තිබේ. එසේ තිබියදී භාණ්ඩාගාර බිල්පත් මගින් කෙටිකාලීන ණය වැඩි වැඩියෙන් ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කරයි.

මේ වනවිට භාණ්ඩාගාර බිල්පත් සඳහා ගෙවිය යුතු පොලී අනුපාතිකය 32% ඉක්මවා තිබේ.

Facebook
Twitter
LinkedIn