මව්බිම දූෂණය කරන චෞර කප්පිතන්ගෙන් ඇය බේරා ගැනීම සුජාත දූ පුතුන්ගේ වගකීම ය

මව්බිම දූෂණය කරන චෞර කප්පිතන්ගෙන් ඇය බේරා ගැනීම සුජාත දූ පුතුන්ගේ වගකීම ය

නිදහසින් පසු ගෙවා ආ 74 වසරක සියලු අත්දැකීම් පසුබිම් කර ගනිමින් ආපස්සට හැරවිය නොහැකි මහා ජයග්‍රාහී බිමකට මේ රට රැගෙන යාමේ ආරම්භය 2023 වසරේදී ගත යුතු බව ඉරිදා ලංකාදීප කතු වැකිය අවධාරණය කරයි.

ජනවාරි පළවෙනි දින නිකුත් කරන ලද එම පුවත් පතේ කතුවැකිය “මානව ගරුත්වය රැකගෙන ජීවත්විය හැකි රටක් බිහි කරමු” යනුවෙන් සිරස්තලය යොදා තිබේ. එයින් අවධාරණය කරන්නේ 2023 වසර තවත් එක් වසරක් පමණක් බවට පත්කර නොගැනීමේ අභියෝගය සෑම පුරවැසියෙකු ඉදිරිපිට ම පවතින බව ය.

එම කතු වැකියේ තියුණු ලෙස අවධාරණය කර තිබෙන්නේ “මව දූෂණය කරන විට පලායාම නොව දූෂිතයන්ගෙන් මව බේරා ගැනීම දරුවන්ගේ වකගීම ය. චෞර කප්පිත්තන් මේ බිම දූෂණය කරන විට පලා නොගොස් මව්බිම බේරා ගැනීම සුජාත දූ පුතුන්ගේ වගකීම ය.” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn