බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේ සභාපති GI පයිප්ප බට සොරකම් කිරීම සම්බන්දයෙන් පොලිසියට පැමිණිලි කල ගර්ටි දයාමාල් නැමැත්තාට ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මෙම පහරදීම 29 දින සිදුකර ඇති අතර බෙලිඅත්ත පොහොට්ටු පක්ෂයේ සභාපති සිරිල් මුණසිංහගේ පුත්‍රයා විසින් ප්‍රහාරය එල්ල කර ඇත. පහර කෑමට ලක්වූ ගර්ටි දයාමාල් ඉහළ බෙලිගල්ල ප්‍රදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබාගනිමින් සිටී.
1










