රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කර පොහොට්ටු පක්ෂයෙන් සම්මත කරන ලද අයවැය යෝජනා අනුව සිව් දෙනෙකුගෙන් යුත් පවුලකින් රුපියල් 1,105/- වක්‍ර බද්දක් අද සිට අය කරනු ලැබේ.
මෙම බද්ද අය කරන්නේ මාසික වැටුප් ලබන්නන් මත අද සිට අය කරන උපයන විට ගෙවීමේ බද්දට අමතරව ය. මෙම වසරට වක්‍ර බදු ආදායම රුපියල් කෝටි 221,800 (රුපියල් බිලියන 2,218)ක් ඉලක්ක කර තිබේ. ඒ අනුව දෙකෝටි විසි ලක්ෂයක් වූ මෙරට ජනගහනයෙන් එක් පුරවැසියෙකු මත රුපියල් 100,818ක වාර්ෂික වක්‍ර බදු බරක් පටවා ඇත. ඒ අනුව දිනක (දෛනික) ඒක පුද්ගල බදු බර රුපියල් 276/- වන අතර සාමාන්‍යයෙන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් මත දිනකට රුපියල් 1,105/-ක වක්‍ර බදු බරක් පටවා තිබේ.
මෙම තොරතුරු පසුගිය 29 වෙනිදා ‘අයිතීන් උදෙසා කාන්තාවෝ‘ පැවැත්වූ මාධ්‍ය හමුවකදී හෙළිකරනු ලැබීය.
0










