සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ ජනවාරියේ සිට විදුලිය බිල 70 කින් වැඩිකලහොත් හෝටල් සහ ආපනශාලා තවදුරටත් වැසී යෑමේ අවදානමකට පත්වන බවයි. එසේම සියලුම ආහාරපාන වල මිල ගණන්ද ඉහළ දැමීමට සිදුවන බවද වැඩිදුරටත් සඳහන් කලේය.
නව වසරේ ජනවාරි සිට විදුලිය බිල සියයට 70 කින් වැඩිවීමත් සමග නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් භාණ්ඩ අලෙවිය අඩු වීම හේතුවෙන් විවිධ කර්මාන්තශාලා, හෝටල් ආපන ශාලා ඇතුළු ව්‍යාපාර ස්ථාන තවත් විසි දහසක් පමණ වැසී යෑමේ සහ භාන්ඩ මිල ඉහල යෑමේ දැඩි අවධානමක පවතින බව අනාවරණය වී තිබේ.
2










