බස්නාහිර තව ලොකුවෙයි…

බස්නාහිර තව ලොකුවෙයි…

මෙරට ආර්ථිකය බස්නාහිර පළාතට කේන්ද්‍ර ගතවීම පසුගිය 2021 වසරේදී රුපියල් කෝටි 85,300කින් තවත් වර්ධනය වී මධ්‍යම, නැගෙනහිර සහ උතුරුමැද පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්තවලින් හෙළි වී තිබේ.

බස්නාහිර පළාත තුළින් ජාතික ආර්ථිකයට 2020 වසරේදී රුපියල් කෝටි 668,800ක් වී තිබී එය 2021දී රුපියල් කෝටි 754,100ක් දක්වා ඉහළ ගොස් ඇත. සමස්ත ජාතික ආදායසෙන් බස්නාහිර පළාතට 2020 වසරේදී 42.2%ක් කේන්ද්‍රගත වී තිබූ අතර එය 2021 වසරේදී 42.6% දක්වා වර්ධනය වී ඇත.

මෙම දත්ත ඇතුළත් මහ බැංකුවේ නිල නිවේදනය පහතින් අමුණා තිබේ.

Facebook
Twitter
LinkedIn