මෙරට සහල් සැපයුම අඛන්ඩව කරගෙන යෑම සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතු ගබඩා වල පවත්වාගෙන යා යුතු සහල් සංචිත මෙට්‍රික්ටොන් ලක්ෂයක ප්‍රමාණය නොමැති බව අනාවරණය වී ඇත.
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් නිකුත් කරන ලද විගණන වාර්තාවකින් අදාල තොරතුරු හෙළිවී තිබේ. ආරක්ශිත සහල් තොග මෙම දෙපාර්තමේන්තුවේ ගබඩාවල සංචිත ලෙස පවත්වාගෙන යාම සඳහා රුපියල් කෝටී 20 ක ප්‍රතිපාදන වෙන්කර තිබුනද ඒවා ප්‍රයෝජනයට නොගෙන ආපසු හරවා ඇත.
මේ නිසා රටතුල සහල් තොග සංචිත දැඩි අනතුරුදායී තත්වයක් නිර්මාණය වී තිබෙන බව දෙරණ වෙබ් අඩවිය අදාල තොරතුරු සහිතව අනාවරණය කර ඇත.
0










