බරගානක් සජිත් හැරයයි

බරගානක් සජිත් හැරයයි

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු 12දෙනෙකු සජිත් ප්‍රේමදාස අත්හැර ආණ්ඩුවට එකතුවීමේ සූදානමින් සිටින බවත් එයින් තිදෙනෙකු එක්කරගැනීමට රනිල් වික්‍රමසිංහ සූදානම් බවත් සිළුමිණ පුවත්පත හෙළි කරයි.

මේ සම්බන්ධයෙන් පසුගිය දිනවල සාකච්ඡා වට ගණනාවක් පවත්වා තිබේ.

සජිත් පිලෙන් ආණ්ඩුවට එක්වන පිරිස අතර රාජිත සේනාරත්න කැබිනට් ඇමති ධුරයක් සමග එක්වීමට නියමිතය. ඊට අමතරව තවත් කැබිනට් ඇමති ධුරයක්ද රාජ්‍ය ඇමති ධුරයක්ද ලබාදීමට රනිල් වික්‍රමසිංහ එකඟත්වය පල කර ඇත. කළුතර කෑගල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්ක නියෝජනය කරන තිදෙනෙකු මෙසේ ඇමතිවරු ලෙස රනිල් වික්‍රමසිංහ සමග එක්වන බව වැඩිදුරටත් එහි සඳන්ය.

Facebook
Twitter
LinkedIn