වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් හෙට දින විශ්‍රාම යන රාජ්‍ය පරිපාලන නිලධාරීන් වෙනුවට එම පුරප්පාඩු පිරවීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගහරිමින් ක්‍රියා කිරීමේ බලතල පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අත්පත් කර ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇත.
එම මෙහෙයුමේ මූලික පියවර ලෙස ජනාධිපති ලේකම් ඊ. එන්. එස්. ඩී. ඒකනායක විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ජගත් බාලපටබැඳි වෙත ලිපියක් යවා තිබේ. එය “දීප ව්‍යාප්ත සේවාවල 1 ශ්‍රේණියේ නිලධාරීන් තනතුරු සඳහා පත් කිරීම.“ යනුවෙන් නම් කර තිබේ.
එම ලිපියේ මූලික හරය වී ඇත්තේ පරිපාලන ශ්‍රේණියේ නිලධාරීන් විශ්‍රාම යාමෙන් ඇතිවන පුරප්පාඩු පිරවීමේ බලය රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉවත් කිරීම ය. මේ බව “තවද, පවතින ආර්ථික අර්බුදකාරී තත්වය යටතේ රජයේ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තුවල පුරප්පාඩුවන සෑම තනතුරක් සඳහාම මෙම ක්‍රමවේදය අනුගමනය කිරීමට සිදුවීම තුළින් රාජ්‍ය සේවාවන් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට බාධා මතුවනු ඇත.“ යනුවෙන් දක්වා තිබේ.
රනිල් වික්‍රමසිංහ තම ලේකම්වරයා මගින් යොමුකර ඇති මෙම ලිපියෙන් උත්සාහ කර ඇත්තේ 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභා වෙත ලැබී තිබෙන යම් බලතල ප්‍රමාණය පවා නැවත කොල්ලකෑමට ය.









