පාපන්දු ලෝක ඉතිහාසයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස විරුධාවලි ලත් කලු ජාතික සම්බවයක් සහිත බ්‍රසීල ක්‍රීඩක පේලේ අද (30) අලුයම දිවි ගමන නිමා කළේය.
එඩ්ස්ටන් නස්ටිමෙන්ටෝ යන නමින් මුලින් සිටි ඔහු පසුව පේලේ නමින් ප්‍රසිද්ධියට පත්විය. මෙම අති විශිෂ්ට ක්‍රීඩකයා බ්‍රසීලය වෙනුවෙන් 1958, 1962 සහ 1970දී පාපන්දු ලෝක කුසලානය තෙවරක් ම පාපන්දු ලෝක කුසලානය බ්‍රසීලයට දිනා දීමට සමත්විය. මියයන විට 82 වියේ පසුවූ ඔහු ඇමරිකානු කලු ජාතික සම්භවයක් සහිත ඔලිම්පික් රන් පදක්කම් ලාභී බොක්සිං ක්‍රීඩක මොහමඩ් අලිට බෙහෙවින් සමානකම් දැරූවෙකි.
මොහොමඩ් අලි බොක්සින් ක්‍රීඩාවෙන් ඇමරිකාවට ඔලිම්පික් රන් පදක්කම් දිනා දුන්න ද සුදු හමක් සහිත වූවන්ගේ අසීමිත ගර්භාවයට සහ පීඩනයට ලක්ව සිටියේ ය. බ්‍රසිීල පාපන්දු ක්‍රීඩක පේලේ ද ඒ හා සමානව සුදු සමක් සහිත වූවන්ගේ පීඩනයට ලක්ව සිටියේ ය. මොහොමඩ් අලි 1942 ඉපදුනු අතර පේලේ 1940 ඉපදී සමාන්තර කාලයකදී ලෝක පූජිත ක්‍රීඩකයන් ලෙස ඉතිහාසයට එක්වූ සුවිශේෂී චරිත දෙකක් වේ.










