ඉන්දියාව රටවල් 6කට ආගමන සීමා පනවයි

ඉන්දියාව රටවල් 6කට ආගමන සීමා පනවයි

නැවතත් ලොව පුරා කොවිඩ් රෝගය සක්‍රියවීමේ අවධානම හේතුවෙන් ‌කොවිඩ් ආසාදිතයින් සිය රට තුළට පැමිණීම වැළැක්වීම සඳහා කොවිඩ් රීති නැවතත් බලගැන්වීමට ඉන්දීය රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව චීනය, හොං කොං, ජපානය, දකුණු කොරියාව, සිංගප්පුරුව සහ තායිලන්තය වැනි රටවලින් ඉන්දියාවට පැමිණෙන පුද්ගලයින් එළඹෙන ඉරිදා සිට කොවිඩ් ආසාදිත නොවන බවට සහතිකයක් ඉදිරිපත් කළ යුතු වේ .

එමෙන්ම ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් මාධ්‍ය සඳහා පවසා ඇත්තේ අදාල රටවලින් ඉන්දියාවට පැමිණෙන මගීන් පිටත්වීමට පෙර අදාළ පරීක්ෂණ වාර්තාව ඉන්දීය රජයේ වෙබ් අඩවියට යොමුකළ යුතු බවයි.

Facebook
Twitter
LinkedIn