බැංකු පද්ධතිය ගැන සංවේදී අනාවරණයක්

බැංකු පද්ධතිය ගැන සංවේදී අනාවරණයක්

මෙරට සමස්ත බැංකු පද්ධතිය අකර්මණ්‍ය කිරීමට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ පොලී ප්‍රතිපත්තිය හා බදු ප්‍රතිපත්තිය හේතු වී තිබෙන බව විශ්ලේශනයකදී හෙළිකර තිබේ.

අද (29) ලංකාදීප පුවත්පතට “රට මිරිකෙන ගිනි පොලිය, බදු බර” යන සිරස්තලය යටතේ ගුණසිංහ හේරත් විසින් සම්පාදනය කළ විශ්ලේශනාත්මක ලිපියේ මෙයට අදාළ වැදගත් කරුණු රැසක් අනාවරණය කර තිබේ. මෙරට රාජ්‍ය හා පෞද්ගලික බැංකු මේ වනවිට අනුගමනය කරන ක්‍රියාමාර්ග ගණනාවක් සහ මුහුණ දී තිබෙන අර්බුද කිහිපයක් ද එම ලිපියෙන් හෙළිකර ඇත.

1.රටේ සංවර්ධන කටයුතුවලට පෞද්ගලික බැංකුවක් ණය ලබාදීම නවතා දමා තිබීම.

2.රාජ්‍ය බැංකුවක් තම සේවකයින්ට ණයදීම අත්හිටුවා තිබීම.

3.සියලුම බැංකු පෞද්ගලික ණයදීම අධෛර්‍යමත් කර තිබීම.

4.තෝරාගත් ප්‍රමුඛ ගනුදෙනු කරුවන්ට වාර්ෂික පොලිය 28.5% පොලියට ණය දෙන අතර අනිකුත් ගනුදෙනුකරුවන්ට 34.5%ක වාර්ෂික පොලියක් අය කිරීම.

5.පෞද්ගලික බැංකුවක් අයිරා (OD) පහසුකම් සඳහා 30.0%ක පොලියක් අය කිරීම.

6.තාවකාලික අයිරා (TOD) 36%ක පොලියක් අය කිරීම.

7.රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ බැංකුවල ලාභය අඩුවීම.

ආදී කරුණු රැසක් එමගින් හෙළිකර තිබේ. බැංකු මුහුණදී තිබෙන මෙම අතිශය අවදානම්කාරී තත්වයෙන් මුදවා ගැනීමට ආණ්ඩුව සහ මහ බැංකුව විශාල වගකීමකින් ක්‍රියාකළ යුතු බව එම ලිපියෙන් අවධාරණය කර තිබේ.

Facebook
Twitter
LinkedIn