ආණ්ඩුකාර කුට්ටම ඇනීම සම්බන්ධයෙන් රනිල් බැසිල් ගැටේ

ආණ්ඩුකාර කුට්ටම ඇනීම සම්බන්ධයෙන් රනිල් බැසිල් ගැටේ

බැසිල් රාජපක්ෂගේ මෙහෙයවීම යටතේ ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කර සිටින ආණ්ඩුකාරවරුන් ඉවත්කර රනිල් වික්‍රමසිංහට අවශ්‍ය පුද්ගලයින් එම තනතුරුවලට පත් කිරීම සඳහා පියවර ගැනීමත් සමඟ බැසිල් රාජපක්ෂ එරෙහිවී ඇතැයි හෙළිවේ.

ලබන වසර මුලදී සියලුම ආණ්ඩුකාරවරුන් අලුතින් පත් කිරීමට අදාළ නාම ලේඛන රනිල් වික්‍රමසිංහ විසින් සකස් කර ඇත. එහෙත් එම නාම ලේඛණවලට දැඩි විරෝධයක් බැසිල් රාජපක්ෂ දක්වන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

මෙම තත්වය සමහන් කර ගැනීම සඳහා දෙදෙනාම එකඟවී ඇති අතර ඒ අනුව රනිල් වික්‍රමසිංහට අවශ්‍ය පුද්ගලයින් 5 දෙනෙකු පත්කර ගැනීමට එකඟවී ඇත. අනෙකුත් දැනට සිටින ආණ්ඩුකාරවරුන් වෙනත් පළාත්වලට මාරු කිරීමට සූදානම් වේ. ඌව ආණ්ඩුකාර මොහොමඩ් මුසාමිල් බස්නාහිර පළාතට මාරු කිරීමට සැලසුම් කර ඇත.

Facebook
Twitter
LinkedIn