ආර්ථික පීඩනය හමුවේ සියදිවි නසා ගැනීම් වේගයෙන් ඉහලට

ආර්ථික පීඩනය හමුවේ සියදිවි නසා ගැනීම් වේගයෙන් ඉහලට

මේ වනවිට පවතින අතිශය බරපතළ ආර්ථික පීඩනය හමුවේ සියදිවි නසා ගැනීම් ඉතා වේගයෙන් ඉහල යමින් පවතින අතර මේ සම්බන්ධයෙන් වේදනාකාර සංඛ්‍යා ලේඛණ හෝමාගම හදිසි මරණ පරීක්ෂක බල ප්‍රදේශය තුළින් හෙළිවී තිබේ.

එම සංඛ්‍යා ලේඛනවලට අනුව ගෙවී ගිය දින 50ක් ඇතුළත අදාළ බල ප්‍රදේශයේ පමණක් 11 දෙනෙකු සිය දිවි නසා ගෙන ඇත. ඔවුන් වයස අවුරුදු 15ත් 65ත් අතර වයස් පරාසයක පසුවන්නන් බව වැඩි දුරටත් හෙළිකර තිබේ. හෝමාගම හදිසි මරණ පරීක්ෂක චින්තක උදය කුමාර මේ සංඛ්‍යා දත්ත සඳහන් කර ඇත.

පෙර වසරවලට වඩා මෙම වසරේ ගෙවී ගිය අවසන් දින 50 තුළ සියදිවි නසා ගැනීම් සීග්‍රයෙන් ඉහල ගොස් ඇති බව හදිසි මරණ පරීක්ෂකවරයා වැඩි දුරටත් පවසා තිබේ.

Facebook
Twitter
LinkedIn