ගාලු රෝහල ඉදි කිරීමට ලැබුණු සුනාමි ආධාරත් ගසා කෑවාද?

ගාලු රෝහල ඉදි කිරීමට ලැබුණු සුනාමි ආධාරත් ගසා කෑවාද?

සුනාමි මහා ව්‍යසනය සිදුවී වසර 18ක් ගෙවී ගොස් තිබුණ ද එයින් සිදුවූ හානි ප්‍රතිසංස්කරණ කිරීමට විදේශ ආධාර ලැබී තිබුණත් තවමත් නිම නොකළ ව්‍යාපෘති රාශියක් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මෙයින් ප්‍රධානම ව්‍යාපෘතියක් වන්නේ ගාල්ල මහ රෝහල ඉදිකිරීම ය. ඒ සඳහා ජර්මනියෙන් ආධාර ලැබී ඇති බවත්, මේ දක්වා එම ඉදි කිරීම් කටයුතු අවසන් නොකර තිබෙන බවත් අද (28) දිවයින පුවත්පතේ කතුවැකියෙන් තොරතුරු හෙළිකර තිබේ.

එහි සඳහන් කර තිබෙන්නේ “ජර්මනියෙන් ආධාර ලෙස ලැබුණු ගාලු මහ රෝහල 18 අවුරුද්දක් ගත වෙලාත් ඉදි කර අවසන් නැත. ගාලු මහ රෝහල සැදීම ආරම්භ කරන්නේ සුනාමියට සමාන්තරවය. 18 අවුරුද්දක් තිස්සේම ඉදි කර අවසන් කරන්නට නොහැකි වූ ගාලු මහ රෝහල එම ඉරණමට ලක්වූයේ කවරෙකු නිසාද? දේශපාලඥයන්ට මෙබඳු දේවල් සම්බන්ධයෙන් හැඟෙන්නේ මොනවාද?” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn