රනිල් පොලිසියෙන් පලිගනී

රනිල් පොලිසියෙන් පලිගනී

පොහොට්ටු මන්ත්‍රීවරුන් විසින් පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ මේ වනවිට ක්‍රියාත්මක කර ඇති පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ස්ථාන මාරු කිරීම් මුලුමනින්ම දේශපාලන පලිගැනීමේ පදනම මත සිදුකරන බව අනාවරණය වේ.

මෙලෙස සිදුකර තිබෙන්නේ දක්ෂ නිලධාරීන් රැසක් අසාධාරණ ආකාරයෙන් පොලිස් ස්ථාන වර්ගීකරණ ශ්‍රේණිය අනුව පහත හෙළිමෙන් සහ දැනට සිටින ස්ථානවලින් ඉතා දුරබැහැරට මාරුකර යැවීමෙනි. පොලිස් ස්ථානාධිපති ධුරයට පත්කරීමේදී අදාළ සම්මුඛ පරීක්ෂන පවත්වා ඇති අතර එයින් ඉහලම ලකුණු ලබා සිටි නිලධාරීන්ට අදාළ ශ්‍රේණියේ පොලිස් ස්ථාන ලබා නොදී ඇති බවද වැඩි දුරටත් අනාවරණය වේ.

මෙම දේශපාලන බලපෑම් මත සිදුකරන ස්ථාන මාරු කිරීමේ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව තුළම දැඩි විරෝධයක් හට ගෙන ඇති අතර එම දෙපාර්තමේන්තුවේ කටයුතු වියවුල් සහගතවී ඇති බවත් වැඩි දුරටත් අනාවරණය වේ.

Facebook
Twitter
LinkedIn