ජනතාව ඉල්ලා සිටියේ අඛණ්ඩව විදුලිය ලබා දෙන ක්‍රමවේදයක් බවත් විදුලි බිල ඉහළ නොදමන්නේ නම් පැය කිහිපයක විදුලි කප්පාදුවක් සඳහා ජන ජීවිතය හුරුකර ගැනීමට සිදුවන බවත් විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර අද (27) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පවසා තිබේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා ඇති විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර,
“මේක නොකර ඉන්න පුළුවන්කමකුත් තියෙනවා. නොකර ඉන්නවා නම් අපිට පුරුදු වෙන්න වෙනවා පැය කිහිපයක විදුලි කප්පාදුවක් එක්ක අපේ ජන ජීවිතය හදාගන්න.
මොකද පහුගිය කාලේ දිගින් දිග ටම ජනතාව ඉල්ලුවේ අඛණ්ඩව විදුලිය ලබා දෙන ක්‍රමවේදයකට යන්න කියලා.
අඛණ්ඩව විදුලිය ලබා දෙන ක්‍රමවේදයකට යනවා නම්, අනිවාර්යයෙන්ම, අපිට තියෙන විදුලි බලාගාර පාවිච්චි කරනවා වගේම පෞද්ගලික විදුලි බලාගාරවලින් ලබා ගත යුතුව තිබෙනවා.”
කෙසේ වෙතත් විදුලි වෘත්තීය සමිති සහ ඉංජිනේරුවරුන් සඳහන් කරන්නේ රට තුළ උද්ගතව ඇති ගල් අඟුරු හිගය හේතුවෙන් ඉදිරියේදී පැය 08ක හෝ 10ක විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවය.










