මේ වනවිට රට තුළ පවතින් ගල් අඟරු හිගය හේතුවෙන් පැය අටකට අධික විදුලි කප්පාදුවේ අවධානම තවමත් පහව ගොස් නොමැති බව ලංවිම විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් වීරරත්න පවසයි.
“පැය අටක විදුලි කප්පාදුවේ අවධානම තවමත් පහව ගහින් නැහැ. පැය අටට වැඩි වෙන්නත් පුළුවන්. 2022 වසරේදී විදුලි කප්පාදුව ගියේ ගල් අඟුරු නැතිව නෙමෙයි. ඉන්ධන සපයා ගන්න බැරිවුණ නිසා තමයි ඒ විදුලි කප්පාදුව ගියේ.
එතකොට අපිට ගල් අගුරු තිබුණා. 2022 සැප්තැම්බර් 15 වෙනකොට ගල් අඟුරු ඇටයක්වත් නැතිව ඒවා ඉවර වුණා. 2023 වසර සඳහා අවශ්‍ය ගල් අගුරු කලට වේලාවට ගෙන ආ යුතුයි.
ඒ ගල් ඇඟුරු නැතිවුණොත් අපිට ඉන්ධනයි ගල් අඟුරුයි නැතිවෙන්න පුළුවන්. 2022 මුල් කාලයේ වෙච්ච විදුලි කප්පාදුව දැක්ක නිසා තමයි අපි කලුවර ජූලියක් ගැන කිව්වේ. ඒ අනතුර කිසිසේත්ම පහව ගොස් නැහැ” යැයි ඔහු වැඩිදුරටත් පවසයි.
1










